ලක්ෂ්මී දෙවගන විෂ්ණු දෙවියන්ගේ පතිනිය වූත් ශිව , පාර්වතියගේ වැඩිමහල් දියණිය වූත් ධනයට ,වාසනාවට හා සෞභාග්‍යයට අධිපති වන්නා වූ ලක්ෂ්මී දේව මෑණියන් වෙනුවෙන් මාසිකව පවත්වන්නා වූ දේව පූජාව සෑම මසකම පළමුවන දින රාත්‍රි 7.00 ට උතුම් වූ කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථ පුදබිමේ දි පැවැත්වේ.
ආගම් භේදයකින් තොරව බෞද්ධ හින්දු දෙපාර්ශවයේම ගෞරව වන්දනයට පාත්‍ර වන ලක්ෂ්මී දෙවියන් වෙනුවෙන් බැතිමතුන් පුදපූජා පැවැත්වීම ඈත අතීතයේ සිටම කරගෙන ආ චාරිත්රයකි.
තම ජීවිතයේ සතුට සම්පත උදා කරගනු වස් , තම ව්‍යාපාර සාර්ථකත්වයට පමුණුවාගනු වස් , සෞභාග්‍යය හා ධනය තමන් වෙත ළඟා කරගනු පිණිස ලක්ෂ්මී දෙවියන් වෙනුවෙන් පූජාවන් පවත්වනු දක්නට ලැබෙයි.
ලක්ෂ්මී පූජාව සඳහා සම්බන්ධ වන්නන් මහත් භක්තියකින් යුක්තව මස් මාංශයෙන් හා සුරාවෙන් වැළකී මෙම පූජාවන් ඉටු කරන්නේ නම් එය වඩාත් උචිතය.
පළමුව උතුම් වූ බුදුන් වහන්සේ වෙනුවෙන් මල් පහන් සුවඳ දුම් පූජාකොට තෙරුවන් නැමද බෝධි රාජයාණන් වහන්සේ වන්දනාමාන කොටගෙන දෙවියන්ට පිං අනුමෝදන් කිරීම සිදු වේ.
අනතුරුව දේවාලස්ථානයේ ලක්ෂ්මී දේව මන්දිරය වෙත පිවිස පළමුව කිරි වලින් ද දෙවනුව තැඹිලි වතුරෙන්( කස පැන් ) ද තෙවනුව සුවඳ පැනින් ද දේව ප්‍රතිමාව නැහැවීම චාරිත්‍රානුකූලව ඉටු කෙරෙයි.
දේව සළුපිළි ප්‍රතිමාව වෙත ඇන්දවීම ඉන් අනතුරුව සිදුවන අතර මල් මාලාවෙන් ද සුවඳ දුමින් ද උතුම් වූ ලක්ෂ්මී දේව මෑණියන් වහන්සේ පුදනු ලබයි.
අනතුරුව ප්‍රධාන ලක්ෂ්මී දේව මන්දිරය තුළ මුරුතැන් පූජාවන් ,පලතුරු පූජාවන් , කැවිලි පූජාවන් ඇතුළු ධාන්‍යාහාර පූජාවන් පවත්වමින් ලක්ෂ්මී දේව මෑණියන් වෙනුවෙන් යාතිකාවන් සිදු කරමින් දේව ස්තෝත්ර කියමින් දේව පූජාව පවත්වා සෑම මසකම පවත්වන්නා වූ මෙම ලක්ෂ්මී පූජාව නිමාවට පත් කරයි.
ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ ලක්ෂ්මී දේව මන්දිරය තුළ සෑම මසකම පළමුවන දින රාත්‍රී 7.00 ට පවත්වන්නට යෙදෙන උතුම් වූ ලක්ෂ්මී දේව පූජාව වෙනුවෙන් බැතිමත් ඔබ සැමත් සහභාගි වී දේව ආශිර්වාදය ලබා ගන්න.
.
තෙරුවන් සරණයි!
සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි!
ඡායාරූප අයිතිය මුල් හිමිකරුවන් සතුය.
සටහන – උමේෂ් මේනුක
( අන්තර්ජාලය , ඓතිහාසික මූලාශ්‍ර හා ජනප්‍රවාද ඇසුරෙන් )
මාධ්‍ය අංශය ,
කඩුදෙවොල රංකඩු පත්තිනි දේවාලය,
කඩුවෙල.