Skip to content Skip to footer

Chief Custodian

Leadership

úfca;=x. mrmqf¾ ihjk mqrel Yud,a iÑ;% úfca;=x. m%Odk Ndrldr lmq ue;sÿka

පෞරාණිකත්වයෙන් අනූන ඉපැරැණි , මහා හාස්කම් වලින් පිරි අති ශෝභමාන පුදබිමක් ලෙස ඓතිහාසික කඩුදෙවොල පුදබිම හදුන්වා දිය හැකි අතර එකී පුදබිමේ වර්තමාන භාරකාරීත්වය උසුලන්නේ ශමාල් සචිත්‍ර විජේතුංග මැතිතුමන් විසිනි.

වර්තමාන දේවාලස්ථ ප්‍රධාන බස්නායක නිළමේ තැන්පත් කුලරත්න විජේතුංග මැතිතුමන්ගේත් විජිතා පුෂ්පකාන්ති මායාදුන්න මැතිණියගේත් වැඩිමහල් පුත්‍රයා වන ශමාල් විජේතුංග මහතා වර්ෂ 1993 අප්‍රේල් මස 05 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දී උපත ලැබීය.

 

එන්සෙෆ් බෞද්ධ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන ලැබූ එතුමන් කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් උසස් පෙළ විෂය ධාරාවන් හදාරන්නට විය. සිය පිය උරුමයෙන්ම පාරම්පරිකව හිමි වූ මෙම මාහැඟි භාරධූර වගකීම සඳහා මූලික අඩිතාලම් තබමින් වර්ෂ 2018 දී ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථ පුදබිමෙහි කෘත්‍යාධිකාරී ලෙසින් වැඩ කටයුතු අරඹන්නේ එවකට ප්‍රධාන භාරකාර කපුධුරන්දර කුලරත්න විජේතුංග වන තම පියාණන් යටතේමය.

වසර ගණනාවක් පුරාවට තම පියාණන්ගේ අවවාද අනුශාසනා මධ්‍යයේ දේවාලස්ථ කෘත්‍යාධිකාරීවරයා ලෙසින් කටයුතු කළ ශමාල් විජේතුංග මැතිතුමන් වෙත දේවාලස්ථානයේ භාරකාරීත්වයේ සියලු වගකීම් වර්ෂ 2025ක් වූ අගෝස්තු මස 31 වන දා පැවති දේවාලස්ථ මහා සභාවේ දී කුලරත්න විජේතුංග මැතිතුමන් විසින් පවරනු ලැබීය.

එතැන් පටන් සිය පරපුරේ අභිමානය පෙරටුකරගනිමින් විජේතුංග කපු පරපුරේ 6 වන නියෝජනය ලෙසින් මෙම උතුම් පුදබිමේ නියමුවා වශයෙන් සියලු වගකීම් ඔහු සතු වන්නට විය.

ඉතා සුහදශීලි හා ශාසනාලයෙන් යුතු දැහැමි නායකයෙක් ලෙසින් තමන් තුළ වන එකී නායකත්ව ගති ලක්ෂණත් තම පරපුරෙන් උරුම වන්නා වූ එම පෞඪත්වයත් පෙරදැරි කරගනිමින් සිය පියාණන් වන කුලරත්න විජේතුංග මැතිතුමන්ගේත් මෑණියන් වන විජිතා පුෂ්පකාන්ති මායාදුන්න මැතිණියගේත් හා නැගණිය වන ඉෂානි උමයංගනා විජේතුංග මැතිණියගේත් සහයෝගයෙන් හා ආශිර්වාදයෙන් ප්‍රදේශයේ අනෙකුත් සිද්ධස්ථානත් ප්‍රදේශවාසීන් ඇතුළු සියලු බැතිමතුන් සමඟත් සුහදව කටයුතු කරමින් දේවාලස්ථානයේ ඉදිරි සුබසිද්ධිය හා අභිවෘද්ධිය උදෙසා කටයුතු ඉටු කිරීමටත් තවත් චිරාත් කාලයක් පුරාවට මෙම පුදබිමෙහි උන්නතිය වෙනුවෙන් කැප වන්නටත් සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනය කරමු.

Umesh
Content Writer
Leadership

ysgmq m%Odk Ndrldr lmq ue;s;=ukaf.a 43 jirl W;=ï fufyjr

වසර 500කට අධික පෞඪ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ කැළණි ගං මිටියාවතේ පත්තිනි දේව මෑණියන් වෙනුවෙන් පුද සිරිත් ඉටු කරන්නා වූ ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ වර්තමාන ප්‍රධාන භාරකාර කපු ධුරන්දර කුලරත්න විජේතුංග මැතිඳුන්ගේ 40 වන සාංවත්සරික සැමරුම යෙදෙන මේ මොහොතේ එතුමන්ගේ 40 වසරක මෙහෙවරත් ඓතිහාසික වටපිටාවත් පිළිබඳව තොරතුරු මෙලෙසින් ගෙනහැර දක්වන්නෙමු.

වර්ෂ 1960 ක් වූ නවම් මස 08 වන දින අට දෙනෙකුගෙන් යුත් පවුලේ සයවැන්නා ලෙසින් එව්සේනි බුලත්සිංහල මෑණියන්ටත් දාවිත් අප්පුහාමි විජේතුංග පියාණන්ටත් දාව උපන් විජේතුංග ලොකුපිටුම්පගේ දොන් කුලරත්න විජේතුංග නම් වූ ඔහු කොරතොට ශ්‍රී සෝමානන්ද මහා විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු හදාරා සමූපාකාර කළමණාකරුවෙකු වශයෙන් සිය පළමු රැකියාවෙහි නිරත වන්නට විය.

එවකට කඩුදෙවොල පුණ්‍ය භූමියේ ප්‍රධාන භාරකාරීත්වය දැරූ කුලරත්න මහතාගේ පියාණන් වූ දාවිත් අප්පුහාමි විජේතුංග ප්‍රධාන කපුමැතිඳුන් 1983 අගෝස්තු මස 28 වන දින අභාවප්‍රාප්ත වන්නට යෙදුණු අතර ඉන් දින 21ක් ඉක්බිතිව 1983 සැප්තැම්බර් මස 18 වනදා පටන් අද දක්වාම දේවාලස්ථානයේ වගකීම තම උර මත තබාගෙන වසර 40ක් මුළුල්ලේ දේවාලස්ථානයේ දියුණුව උදෙසා මහා අනර්ඝ සේවාවක නිරත වේ.

වර්ෂ 1992 මැයි මස 11 වන දින විජිතා මායාදුන්න මහත්මිය සමඟින් විවාහපත් වන කුලරත්න විජේතුංග කපු මැතිතුමන් තම ජීවණ සහකාරිය වූ මායාදුන්න මහත්මියගේ ද නොපසුබට උත්සාහය , කැපවීම හා සහයෝගය ද සමඟින් වර්තමානය වන විට අංග සම්පූර්ණ පුණ්‍ය භූමියක් ලෙසින් සියලු අංගයන්ගෙන් පරිපූර්ණ වූ දේවාලස්ථානයක් නිර්මාණය කරන්නට වෙහෙස මහන්සි වී කටයුතු කරන්නට වුණි.
කුලරත්න විජේතුංග මැතිතුමන්ටත් විජිතා මායාදුන්න මහත්මියටත් ශමාල් සචිත්‍ර විජේතුංග හා ඉෂානි උමයංගනා විජේතුංග නමින් දරුවන් දෙදෙනෙකි. ඔවුන් ද විජේතුංග මැතිතුමන් සමඟින් එක්ව දේවාලස්ථානයේ දියුණුව , අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමෙන් යුතුව කටයුතු කරන අතර වර්තමානය වන විට දේවාලස්ථානයේ කෘත්‍යාධිකාරි වශයෙන් කුලරත්න මහතාගේ පුතණුවන් වන ශමාල් විජේතුංග මහතාත් තම පියාණන්ගේ අඩිපාරේ යමින් තම පියාණන්ට ශක්තියක් වෙමින් දේවාලස්ථානයේ කටයුතු යුහුසුළුව සිදු කරගෙන යනු ලබයි.

කුලරත්න විජේතුංග මැතිතුමන් යනු මහා අධිෂ්ඨාන ශක්තියකින් හා චිත්ත ශක්තියකින් , නායකත්ව ගතිලක්ෂණ වලින් අනූන ශක්තිමත් නායකයෙකි. තම පියාණන්ගේ අභාවයෙන් පසු පාරම්පරික උරුමයෙන් ලද දායාදය මහමෙරක් සේ සළකා එකල තිබූ දේවාලස්ථාන භූමිය පියවරෙන් පියවර ගොඩ නගන්නට කුලරත්න විජේතුංග මැතිතුමන් මහත් පරිශ්‍රමයක් දරා ඇති බව නම් පැහැදිලි ය. දිනෙන් දින ගොඩ නැගෙන කඩුදෙවොල පූජා භූමියට නායකත්වය දෙමින් සියලු වැඩසටහන් මෙහෙයවමින් ඔහු තුළ වන්නා වූ අසම සම නායකත්ව ගති ලක්ෂණ විදහා පාන්නට දක්වා ඇති සමත්කම වර්තමානයේ දේවාලස්ථානය පත්ව ඇති දියුණුව තුළින්ම කාටත් අවබෝධ කරගත හැකිය.

වර්ෂ 1983 දේවාලස්ථානයේ වගකීම භාරගත් පසු සිදු කරන්නට යෙදුණු පළමු ගිනි පෑගීමේ මහා මංගල්‍යය 1983 දෙසැම්බර් මස 28 වන දා අතිඋත්කර්ෂවත් ලෙසින් පවත්වා ඇති අතර එතැන් පටන් අද දක්වාම වසර 40ක් පුරාවට වර්ෂයක් වර්ෂයක් පාසා සියලු පුද චාරිත්‍රයන් සිරිත් පරිදි සිදු කරමින් ඇසළ පෙරහැර මංගලෝත්සවය මාහැඟි අන්දමින් පවත්වන්නට ‍යෙදෙයි.

1982 වර්ෂාරම්භයත් සමඟින් දේවාලස්ථ පූජෝපහාර සමිතිය ආරම්භයට මුල පිරීම සිදු කර ඇති අතර එවකට 20 දෙනෙකුට පමණ සීමා වූ එය අද වන විට 100 දෙනෙකුගෙන් පමණ සමන්විතව ප්‍රධාන කපු මැතිඳුන් සමඟින් දේවාලස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් මනා කැපවීමකින් යුතුව කටයුතු කරයි. එසේම කුලරත්න විජේතුංග මැතිතුමන් විසින් සිය වසර 40ක ධුර කාලය පුරාවට සංවර්ධන සැලසුම් ඉදිරිපත් කරමින් ඒවා පියවරෙන් පියවර ක්‍රියාත්මක කරන්නට යෙදුණි. අංග සම්පූර්ණ දේවාල 18ක් ස්ථාපිත කිරීම , බෝධි ප්‍රාකාරය වටා රන්වැට ස්ථාපිත කිරීමට පියවර ගැනීම , චෛත්‍යයක් , බෝධි ප්‍රාකාරයක් , බුද්ධ මන්දිරයක් , කෞතුකාගාරයක් සහිත ධාතු මන්දිරයක් , දෙමහල් දාන ශාලාවක් , නර්තන මණ්ඩප විශ්‍රාම ශාලාවක්,නර්ථන කණ්ඩායම් සඳහා ශාලා, නව දේවාල සංකීර්ණ , පත්තිරුප්පුව නිර්මාණය , නවග්‍රහ දේවාලයක් හා ශ්‍රවණාගාරයක් ඇතුළු තවත් බොහෝ දෑ නිර්මාණය කරමින් දිනෙන් දින මෙම පුණ්‍ය භූමියේ අභිවෘද්ධිය උදෙසාම කටයුතු කළ විජේතුංග මැතිතුමන් සිදු කරන්නට යෙදුණු තවත් වටිනාම කරුණක් නම් දේවාලස්ථානයට මංගල හස්ති රාජයෙකු ලබා ගැනීම වෙනුවෙන් කටයුතු සිදු කරන්නට යෙදීමයි.

ඒ අනුව කුලරත්න විජේතුංග මහතාගේ ඉල්ලීම මත එවකට මානව සම්පත් සංවර්ධන , අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය කරුණාසේන කොඩිතුවක්කු මහතාගේ මැදිහත් වීමෙන් 2003 වසරේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කල රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියෙන් 2003 මාර්තු මස 05 වෙනි දින තාරක රණ්ඩුක හස්තියා දේවාලස්ථානය වෙත පූජා කරන්නට යෙදුණි.

රංකඩු පත්තිනි දේවාලස්ථානයේ පෞරාණිකත්වය , ඓතිහාසික පසුබිම අලලා රචිත ” කඩුදෙවොල සිද්ධ පත්තිනි රංකඩු දේවාලය සහ ඓතිහාසික පසුබිම ” කෘතිය එළිදැක්වීම ද කුලරත්න විජේතුංග මැතිතුමන්ගේ මූලිකත්වයෙන් 2020 වසරේ දි සිදු කරන්නට යෙදුණු තවත් සුවිශේෂී කරුණකි.

මෙසේ කා සමඟත් බොහොම සුහදශීලීව කටයුතු කරමින් ප්‍රදේශයේ අනෙකුත් වෙහෙර විහාරස්ථාන වල ස්වාමින් වහන්සේලා සමඟත් කුළුපඟව ආගමික හා ශාසනික සේවාවන්හි නියැලෙන විජේතුංග මහතා බැතිමතුන්ගේ සුබසිද්ධිය උදෙසා මෙන්ම දේවාලස්ථානයේ දියුණුව අභිවෘද්ධිය නිබඳවම ප්‍රාර්ථනා කරන්නෙකි. ඒ වෙනුවෙන් කැපවන්නෙකි. වසර 40ක් පුරාවට නිරතුරුව බෞද්ධ ආගමික මෙහෙවර රැසක නිරත වෙමින් ඒ සඳහා ක්‍රියාකාරි දායකත්වය සපයා දුන් ඓතිහාසික කඩුදෙවොල පුදබිම දිව්‍ය විමානයක් බවට පත්කල ගම්කොරටුවල් වලට දේව රැකවරණය සලසාදුන් පස්වන කපුපරපුරේ වත්මන් ආලෝකය වන් වූ කුලරත්න විජේතුංග මැතිඳුන්ගේ 40 වසරක නොනිමි මෙහෙවර වෙනුවෙන් අපගේ කෘතඥපූර්වක භක්ත්‍යාදරය මෙලෙස පුද කර සිටිමු.

Umesh
Content Writer