Loading Events

« All Events

  • This event has passed.

රංදෝලි පෙරහැර

Jul 28, 2023 @ 6:00 pm - Aug 6, 2023 @ 10:00 pm

කැළණි ගං මිටියාවතේ අතිඋත්කර්ෂවත් වූ මහා සංස්කෘතික මංගල්‍යය , ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන ඇසළ මහා පෙරහැර මංගලෝත්සවයේ වීථි මහා පෙරහරෙහි අලි ඇතුන් සහිත අවසන් රන්දෝලි පෙරහැර (12) දේවාලස්ථ වීථිය වටා වීථි සංචාරය කරන ලදී.

ඊයේ දින පෙරහැර දායකත්වය ඒශියන් ලංකා මාකටින් අධිපති ඩව්ලිව්.කේ.සිසිර මැතිතුමා ඇතුළු පවුලේ සැම විසින් දරනු ලැබීය.

සධාතුක කරඩුව වැඩම කරලීමේ පින්බර අවස්ථාව දේවාලස්ථ මංගල හස්තිරාජයා වන තාරක රංඩුක හස්තියාට හිමි වූ අතර විෂ්ණු දෙවියන්ගේ දේවාභරණ හැඳල පුරාණ විහාරයට අයත් අරුණ හස්තියාගේ පිටමත නිලන්ත ජයදින මහතා විසින් ද පත්තිනි මෑණියන්ගේ දේවාභරණ කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානයට අයත් කණ්ඩුල වීරා හස්තියාගෙ පිටමත දේවාලස්ථ කෘත්‍යාධිකාරි ශමාල් විජේතුංග මැතිතුමන් විසින් ද වඩමවනු ලැබීය.

උඩපහතරට හා විචිත්‍රවත් නර්තනාංගයන්ගෙන් පරිපූර්ණ වූ පෙරහැරට බියගම දීප්ති කුමාර මහතාට අයත් රාණි ඇතින්නත් , සුරණි ඇතින්නි පැටවාත් එක්විය.

දේවාලස්ථ ප්‍රධාන බස්නායක නිළමේතුමන් වන කුලරත්ත විජේතුංග මහතාගේත් දේවාලස්ථ කෘත්‍යාධිකාරි ශමාල් විජේතුංග මහතාගේත් මඟපෙන්වීම මත සිදු කෙරෙන මෙවර ඇසළ මංගල්‍යය ලබන අගෝස්තු මස 21 වන දින දක්වා පැවැත්වේ.

මෙත් සිත් පෙරදැරි මාධ්‍ය සද්ප්‍රයාමය,

කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථ මාධ්‍ය ඒකකය.

Details

  • Start: Jul 28, 2023 @ 6:00 pm
  • End: Aug 6, 2023 @ 10:00 pm
  • Event Category: