Loading Events

« All Events

  • This event has passed.

කප් සිටුවීම

Jul 5, 2023 @ 5:06 pm - 6:06 pm

ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් නුවර සම්ප්‍රදායානුකූලව මඟුල් කප් සිටුවීම අද සවස 05.06 ට යෙඳුණු නැකැත් වෙලාවෙන් සිදු කරන්නට යෙදුණි.

දේවාලස්ථ ප්‍රධාන භාරකාර තැන්පත් කුලරත්න විජේතුංග මැතිතුමන්ගේ හා කෘත්‍යාධිකාරි ශමාල් විජේතුංග මැතිතුමන්ගේ මූලිකත්වයෙන් දේවාලස්ථ පූජෝපහාර සමිතියේ නිළධාරි මඩුල්ලගේත් ගම්වාසීන්ගේත් සහභාගිත්වයෙන් කප් සිටුවීමේ චාරිත්‍රය පුරාණ සිරිත් පරිඳි ඉටු කෙරුණු වගයි.

” වියන් අල්ලා ගෙන වසාලා ගෙනත් කප මඩුව මැදේ…

ලවින් කිරි පැන් නානුමුර කර සඳුන් ගාවා නිමරැදේ…

වසින් රුව ඇති පතිනි ඒ කප හිස තබාගෙන සබ මැදේ…

අසන් තුන් විට ආවඩාලා ගසා දොස හැර සුබ පදේ… “

තෙරුවන් සරණයි!

සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි!

මාධ්‍ය අංශය,

කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලය.

Details

  • Date: Jul 5, 2023
  • Time:
    5:06 pm - 6:06 pm
  • Event Category: