Loading Events

« All Events

  • This event has passed.

ගොන්පිට පෙරහැර

Jul 27, 2023 @ 8:00 am - Aug 10, 2023 @ 5:00 pm

කැළණි ගං මිටියාවතේ අතිඋත්කර්ෂවත් වූ මහා සංස්කෘතික මංගල්‍යය ලෙසින් සැළකෙන ඓතිහාසික සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථ ඇසළ මහා පෙරහැර මංගලෝත්සවයේ 211 වන දිගහැරුම සනිටුහන් වන මෙවර පෙරහැර මංගල්‍යයේ උඩමළුවේ තෙවන ගොන්පිට පෙරහැර අද (07) දින වීථි සංචාරය කරන්නට විය.

අද (07) දින පෙරහැර දායකත්වය වෙළඳ ව්‍යාපාරික ගැමුණුපුර පදිංචි ඩබ්ලිව්.තිලක් පුෂ්පකුමාර පෙරේරා මැතිතුමා ඇතුළු පවුලේ සැම විසින් දරනු ලැබීය.

සධාතුක කරඩුව හා දේවාභරණ ගවමස්තකාරූඪව වැඩම කෙරුණු අතර විචිත්‍ර නර්තනාංගයන්ගෙන්ද පෙරහැර අලංකාරවත් විය.

දේවාලස්ථ ප්‍රධාන බස්නායක නිළමේතුමන් වන කුලරත්ත විජේතුංග මහතාගේත් දේවාලස්ථ කෘත්‍යාධිකාරි ශමාල් විජේතුංග මහතාගේත් මඟපෙන්වීම මත සිදු කෙරෙන මෙවර ඇසළ මංගල්‍යය ලබන අගෝස්තු මස 21 වන දින දක්වා පැවැත්වේ.

මෙත්සිත් පෙරදැරි මාධ්‍ය සද්ප්‍රයාමය,

කඩුදෙවොල රංකඩු පත්තිනි දේවාලස්ථ මාධ්‍ය ඒකකය.

Details

  • Start: Jul 27, 2023 @ 8:00 am
  • End: Aug 10, 2023 @ 5:00 pm
  • Event Category: