Loading Events

« All Events

  • This event has passed.

පත්තිනි නැටීම

Aug 20, 2023 @ 2:00 am - 5:00 pm

ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන ඇසළ මංගල්‍යයේ ගම්මඩු දෙවොල්මඩු ශාන්තිකර්මයෙහි දේවාභරණ වඩමවා පත්තිනි නර්ථනයේ යෙදීම පසුගියදා (20) අළුයම් යාමයේදි සිදු කෙරිණි.

ප්‍රධාන දේව මාළිඟය තුළ තැන්පත් කර ඇති පත්තිනි සළඹ හා දේවාභරණ හේවිසි නාද මධ්‍යයේ තේවා කටයුතු සිදු කිරීමෙන් අනතුරුව දේවාභරණ නර්ථන මණ්ඩපය වෙත වඩම්මවාලීම සිදු කරයි. පත්තිනි දේව මෑණියන්ගේ ස්වරූපයෙන් සැරසී ප්‍රධාන බස්නායක නිළමේතුමන් දේවාභරණ සමඟින් බෙර නාදයේ තාලයට පාද තබමින් පත්තිනි නර්ථනයේ යෙදෙයි. දේවාභරණ නර්ථන මණ්ඩපයේ ඇති යහන මත තැන්පත් කරන අතර එම යහනේ සිට තොරණ දක්වා එලා ඇති පාවඩයෙන් අවසර ගනු පිණිස පාවඩ අවසර කවි ගායනා කරමින් සියලු දෙවියන්ගේ අවසරය ලබා ගැනීම සිදු කරයි.

උතුම් විෂ්ණු දෙවියන්ගේ

තෙද අණසක මකියන්නේ

ආවඩා සෙත දෙන්නේ

පාවඩේ අවසර දෙන්නේ

අනතුරුව අඟුරු දුම්මල පද , කහදිය කොතල පද ඇතුළු නමස්කාර පූජාවන් පවත්වා පත්තිනි සළඹ දෑතින් ගෙන තේවා නර්තනයේ යෙදීම සිදු වෙයි. පත්තිනි මෑණියන් සිහි ගන්වමින් පත්තිනි සිරසාපද , කරඬු පද ඉදිරිපත් කරමින් සියල්ලටම සෙත් පතා ආවඩමින් පත්තිනි නර්ථනයේ නිරත වීම සිදු වෙයි.

මෙවන් තෙඳ පත්තිනි දෙවියන් සතොසේ

එරන් සළඹ ගෙන යහනට වැඩුව තැනේ

දෙවන් පඬුරු පළමුව රජුගේ අතිනේ

අරන් පුද කළෝ තුන් දහසක් නෙතිනේ

ආභරණ තේවාව හා සළු සැලීම සමඟින් ආවැඩීම තෙවරක් සිදු කරන අතට පත්තිනි නර්තනයේ යෙදෙන්නා පත්තිනි හාමි ලෙසින් හදුන්වයි. පත්තිනි හාමි වෙනුවෙන් පරම්පරාවෙන් එන අයෙකු හැර වෙනත් කිසිම අයෙකුට පත්තිනි සළඹ වැඩමවීමේ චාරිත්‍රයට අවසර නැත.

මෙසේ පුරාණ සිරිත් සම්ප්‍රදායානුකූලව සිදු කෙරෙන්නා වූ ගම්මඩු මංගල්‍යයේ එන පත්තිනි නර්තනය අප සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ ප්‍රධාන බස්නායක නිළමේ තැන්පත් කුලරත්ත විජේතුංග මහතා විසින් සිදු කරන අතර එතුමන් විසින් 40 වන වරටත් පත්තිනි නර්තනයේ ‍යෙදීම මෙවර චාරිත්‍රානුකූලව සිදු කෙරිණි.

උතුම් වූ සත්පත්තිනි මෑණියන්ගේ පිහිටාරක්ෂාවෙන් ඔබ සැමට යහපතක්ම වේවා!

තෙරුවන් සරණයි!

මෙත්සිත් පෙරදැරි මාධ්‍ය සද්ප්‍රයාමය,

කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථ මාධ්‍ය ඒකකය.

Details

  • Date: Aug 20, 2023
  • Time:
    2:00 am - 5:00 pm
  • Event Category:

Organizer

  • Welfare Society Of Rankadu Dewalaya
  • Phone +94 112 579 522
  • Email rankadupattinidevelaya@gmail.com

Venue

  • Rankadu paththini dewalaya Kaduwela
  • 350 5th Ave
    kaduwela, Western 10118 Sri Lanka
    + Google Map
  • Phone 88001234567