All Day

Diya Kapeema (Water-Cutting Ceremony of the Historic Esala Festival)

ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ 211 වන ඇසළ මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය පසුගිය ඉරුදින(13) පෙරවරුවේ කැළණි නදියේ දි සිදු කෙරිණි.
මෙසේ දිය කැපීමෙ චාරිත්‍රය උදෙසා පෙරහැර පිටත්ව යාමට පෙර විහාරයට ගොස් බුද්ධ පූජාව හා පත්තිනි , විෂ්‍ණු හා රිට්ටා දේවාල වලට ගමන් තේවා සිදු කරයි.

පත්තිනි නැටීම

Rankadu paththini dewalaya Kaduwela 350 5th Ave, kaduwela

ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන ඇසළ මංගල්‍යයේ ගම්මඩු දෙවොල්මඩු ශාන්තිකර්මයෙහි දේවාභරණ වඩමවා පත්තිනි නර්ථනයේ යෙදීම පසුගියදා (20) අළුයම් යාමයේදි සිදු කෙරිණි.

ගිණි පෑගීම

Rankadu paththini dewalaya Kaduwela 350 5th Ave, kaduwela

ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන ඇසළ මංගල්‍යයේ ගිණි පෑගීමේ මහෝත්සවය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ කඩුවෙල සංවිධායක 306/ සී/1 හිටපු සිංහාධිපති ගරු බිනර ජයවර්ධන මැතිතුමන් , කොළඹ පළමු හරස් වීදිය මල්ටි ඕඩියෝ විශුවල් ව්‍යාපාරයේ අධිපති ගරු තිලක් අනුරසිරි මැතිතුමන් හා සීමාසහිත හේවාගම් කෝරළයේ බටහිර විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හා සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු කාර්‍යමණ්ඩලය එක්ව ප්‍රධාන දායකත්වය ගෙන කටයුතු කරනු ලැබීය