Skip to content Skip to footer

Latest Past Events

දිය කැපීම

ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ 211 වන ඇසළ මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය පසුගිය ඉරුදින(13) පෙරවරුවේ කැළණි නදියේ දි සිදු කෙරිණි.
මෙසේ දිය කැපීමෙ චාරිත්‍රය උදෙසා පෙරහැර පිටත්ව යාමට පෙර විහාරයට ගොස් බුද්ධ පූජාව හා පත්තිනි , විෂ්‍ණු හා රිට්ටා දේවාල වලට ගමන් තේවා සිදු කරයි.

පාවඩ පිට පෙරහැර

  ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන පෙරහැර මංගල්‍යයේ පළමු නිල පෙරහැරේ සමාරම්භය සනිටුහන් කරමින් ඊයේ (26) පස්වරු 09.05 ට යෙදුණු සුබ මොහොතින් පාවඩ පිට පෙරහැර දේවාලස්ථ වීථිය…

දැකුම් තැබීම

චිරාගත සම්ප්‍රදායානුකූලව අද (26) සවස 6.15 ට යෙදුණු සුබ මොහොතින් ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිතිකොටගෙන චාරිත්‍රානුකූල දැකුම් තැබීමේ මංගල්‍යය හා ප්‍රථම දේවාරාධනාව ඓතිහාසික කඩුදෙවොල් පුදබිමේ දි සිදු කෙරිණි.