BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//ශ්‍රී රංකඩු පත්තිනි දේවාලය - ECPv6.15.20//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:ශ්‍රී රංකඩු පත්තිනි දේවාලය
X-ORIGINAL-URL:https://rankadupaththinidevalaya.lk
X-WR-CALDESC:Events for ශ්‍රී රංකඩු පත්තිනි දේවාලය
REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H
X-Robots-Tag:noindex
X-PUBLISHED-TTL:PT1H
BEGIN:VTIMEZONE
TZID:UTC
BEGIN:STANDARD
TZOFFSETFROM:+0000
TZOFFSETTO:+0000
TZNAME:UTC
DTSTART:20220101T000000
END:STANDARD
END:VTIMEZONE
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20230820T020000
DTEND;TZID=UTC:20230820T170000
DTSTAMP:20260423T122407
CREATED:20231002T061242Z
LAST-MODIFIED:20240116T151537Z
UID:25412-1692496800-1692550800@rankadupaththinidevalaya.lk
SUMMARY:පත්තිනි නැටීම
DESCRIPTION:ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන ඇසළ මංගල්‍යයේ ගම්මඩු දෙවොල්මඩු ශාන්තිකර්මයෙහි දේවාභරණ වඩමවා පත්තිනි නර්ථනයේ යෙදීම පසුගියදා (20) අළුයම් යාමයේදි සිදු කෙරිණි. \nප්‍රධාන දේව මාළිඟය තුළ තැන්පත් කර ඇති පත්තිනි සළඹ හා දේවාභරණ හේවිසි නාද මධ්‍යයේ තේවා කටයුතු සිදු කිරීමෙන් අනතුරුව දේවාභරණ නර්ථන මණ්ඩපය වෙත වඩම්මවාලීම සිදු කරයි. පත්තිනි දේව මෑණියන්ගේ ස්වරූපයෙන් සැරසී ප්‍රධාන බස්නායක නිළමේතුමන් දේවාභරණ සමඟින් බෙර නාදයේ තාලයට පාද තබමින් පත්තිනි නර්ථනයේ යෙදෙයි. දේවාභරණ නර්ථන මණ්ඩපයේ ඇති යහන මත තැන්පත් කරන අතර එම යහනේ සිට තොරණ දක්වා එලා ඇති පාවඩයෙන් අවසර ගනු පිණිස පාවඩ අවසර කවි ගායනා කරමින් සියලු දෙවියන්ගේ අවසරය ලබා ගැනීම සිදු කරයි. \nඋතුම් විෂ්ණු දෙවියන්ගේ \nතෙද අණසක මකියන්නේ \nආවඩා සෙත දෙන්නේ \nපාවඩේ අවසර දෙන්නේ \nඅනතුරුව අඟුරු දුම්මල පද \, කහදිය කොතල පද ඇතුළු නමස්කාර පූජාවන් පවත්වා පත්තිනි සළඹ දෑතින් ගෙන තේවා නර්තනයේ යෙදීම සිදු වෙයි. පත්තිනි මෑණියන් සිහි ගන්වමින් පත්තිනි සිරසාපද \, කරඬු පද ඉදිරිපත් කරමින් සියල්ලටම සෙත් පතා ආවඩමින් පත්තිනි නර්ථනයේ නිරත වීම සිදු වෙයි. \nමෙවන් තෙඳ පත්තිනි දෙවියන් සතොසේ \nඑරන් සළඹ ගෙන යහනට වැඩුව තැනේ \nදෙවන් පඬුරු පළමුව රජුගේ අතිනේ \nඅරන් පුද කළෝ තුන් දහසක් නෙතිනේ \nආභරණ තේවාව හා සළු සැලීම සමඟින් ආවැඩීම තෙවරක් සිදු කරන අතට පත්තිනි නර්තනයේ යෙදෙන්නා පත්තිනි හාමි ලෙසින් හදුන්වයි. පත්තිනි හාමි වෙනුවෙන් පරම්පරාවෙන් එන අයෙකු හැර වෙනත් කිසිම අයෙකුට පත්තිනි සළඹ වැඩමවීමේ චාරිත්‍රයට අවසර නැත. \nමෙසේ පුරාණ සිරිත් සම්ප්‍රදායානුකූලව සිදු කෙරෙන්නා වූ ගම්මඩු මංගල්‍යයේ එන පත්තිනි නර්තනය අප සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ ප්‍රධාන බස්නායක නිළමේ තැන්පත් කුලරත්ත විජේතුංග මහතා විසින් සිදු කරන අතර එතුමන් විසින් 40 වන වරටත් පත්තිනි නර්තනයේ ‍යෙදීම මෙවර චාරිත්‍රානුකූලව සිදු කෙරිණි. \nඋතුම් වූ සත්පත්තිනි මෑණියන්ගේ පිහිටාරක්ෂාවෙන් ඔබ සැමට යහපතක්ම වේවා! \nතෙරුවන් සරණයි! \nමෙත්සිත් පෙරදැරි මාධ්‍ය සද්ප්‍රයාමය\, \nකඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථ මාධ්‍ය ඒකකය.
URL:https://rankadupaththinidevalaya.lk/event/%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%92-%e0%b6%b1%e0%b7%90%e0%b6%a7%e0%b7%93%e0%b6%b8/
LOCATION:Rankadu paththini dewalaya Kaduwela\, 350 5th Ave\, kaduwela\, Western\, 10118\, Sri Lanka
CATEGORIES:Esala Perahera
ATTACH;FMTTYPE=image/jpeg:https://rankadupaththinidevalaya.lk/wp-content/uploads/2023/10/Untitled-design-2023-10-02T170608.906.jpg
ORGANIZER;CN="Welfare Society Of Rankadu Dewalaya":MAILTO:rankadupattinidevelaya@gmail.com
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20230813T080000
DTEND;TZID=UTC:20230813T233000
DTSTAMP:20260423T122407
CREATED:20231002T060000Z
LAST-MODIFIED:20231002T060000Z
UID:25390-1691913600-1691969400@rankadupaththinidevalaya.lk
SUMMARY:දිය කැපීම
DESCRIPTION:කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ 211 වන දිය කැපීමේ මහා මංගල්‍යය …. \nඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ 211 වන ඇසළ මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය පසුගිය ඉරුදින(13) පෙරවරුවේ කැළණි නදියේ දි සිදු කෙරිණි. \nමෙසේ දිය කැපීමෙ චාරිත්‍රය උදෙසා පෙරහැර පිටත්ව යාමට පෙර විහාරයට ගොස් බුද්ධ පූජාව හා පත්තිනි \, විෂ්‍ණු හා රිට්ටා දේවාල වලට ගමන් තේවා සිදු කරයි. හේවිසි \nනාද මධ්‍යයේ දේවාභරණ සහිත පෙරහැර දිය කැපීමට දේවාලයෙන් පිට වේ. පසුව සුභ නැකතින් දේවාල භූමියෙ සිටුවන ලද කප සුදු පිරුවටයක ඔතා දේව ආභරණ සහිත පල්ලැක්කිය පිටුපසින් ගමන් කරවයි. \nදේවාලයට අයත් තොටුපළින් ඔරුවට ගොඩවන බස්නායක නිළමේතුමන් ඇතුළු පිරිසට අමතරව තවත් ඔරුවක හේවිසි කරුවන් ද ශබ්ද පූජා පවත්වමින් කැළණි නදියේ දිය කැපීමට ගමන් කරයි. \nකඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ දිය රණකෙළි මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය කැළණි නදියේ බුලත්ගම්පත සීමාවේ දී සිදු කෙරෙන අතර ඔරුව තුළ තිර රෙදි වලින් ආවරණය කෙරූ කොටසක් තුළ දී මෙම චාරිත්‍ර ඉටු වෙයි.රන් කඩුවක් ( මේ සඳහා පෙරහැරෙහි වඩම්මවන පත්තිනි දේවියගේ දේවාභරණය යොදා ගනියි) දියට බහා දිය කපා එතැනින් වෙන් වන දිය පහරින් නැවුම් වූ දිය රන් කලයට පුරවා ගනී. දිය කැපීමේ දී දිය බෙදී යන ස්ථානයේ ඒ කැපුම රන් කලයට දිය පුරවා ගන්නා තෙක්ම වෙන්ව පැවතීම දේව අනුහසයි. දිය කැපීමෙන් අනතුරුව බුලත් හුරුළු හා පඬුරු දියට දමමින් අදාළ පැරණි චාරිත්‍ර එලෙසටම සිදු කරනු ලබයි. හක් පිඹීමෙන් දිය කපා අවසන් බව දැන්වූ පසු තොටියන් ඔරුව නැවත ගොඩවන තොටුපළ වෙත ගමන් කරවීම සිදු වේ. චාරිත්‍රානුකූලව පුදසිරිත් කිරීමෙන් අනතුරුව තොටුපළින් ගොඩ වන බස්නායක නිළමේතුමන් පැමිණෙන්නේ හිසේ සිට පිරුවටයකින් වසාගෙන වීම විශේෂත්වයකි. පිරුවට වලින් ආවරණය වී පැමිණි පසු සෙත් ශාන්ති සිදු කරවා ගරායකුම නටා හිසේ සිට වසා ඇති පිරුවට ඉවත් කිරීම සිදු කරයි.දිය කපා ගොඩවන ස්ථානයේ දී ඇසළ මංගල්‍යය ආරම්භයේ දී සිට වූ කප පා කර හැරීම සිදු වේ. කප පා කර හරින පුද්ගලයා කප ඔරුව යටින් පිහිනා රැගෙන ගොස් පා කරයි.එසේ සිදු කරන්නේ සියල්ලන්ගේ වස්දොස් දුරු කර ශාන්තිය උදා කරලීමටයි. පසුව දේවාභරණ හා රන් පැන් කලය එම ස්ථානයේ තැනූ විශේෂ මණ්ඩපයක තැන්පත් කර ගරායක් ශාන්තිකර්මය සිදු කරයි. සියල්ලන්ට දේව දානය පිළිගැන්වීමෙන් අනතුරුව රන් පැන් කලය හා දේවාභරණ රැගත් දිය කපා ගෙවදීමේ පෙරහැර දේවාලස්ථානය වෙත ගමන් අරඹයි. මෙසේ ලබාගන්නා පැන් ඉදිරි වසරේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයේදි නානුමුර මංගල්‍යය සඳහා යොදා ගනියි. \nමෙම දිය කැපීමේ මහා මංගල්‍යයයෙන් කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ 211 වන ඇසළ මංගල්‍යයේ පෙරහැර රාජකාරීන් නිමාවට පත් විය. මෙවර පෙරහැර මංගල්‍යය සාර්ථක කරගැනීමට සහය වූ සෑම සියලු දෙනාටම උතුම් සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නිබඳවම ලැබේවා!. \nතෙරුවන් සරණයි! \nසටහන – උමේෂ් මේනුක \nමාධ්‍ය අංශය\, \nකඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානය\, \nකඩුවෙල.
URL:https://rankadupaththinidevalaya.lk/event/%e0%b6%af%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%90%e0%b6%b4%e0%b7%93%e0%b6%b8/
CATEGORIES:Esala Perahera
ATTACH;FMTTYPE=image/jpeg:https://rankadupaththinidevalaya.lk/wp-content/uploads/2023/10/Untitled-design-2023-10-02T165928.336.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;VALUE=DATE:20230813
DTEND;VALUE=DATE:20260814
DTSTAMP:20260423T122407
CREATED:20260320T090553Z
LAST-MODIFIED:20260320T090553Z
UID:29430-1691884800-1786665599@rankadupaththinidevalaya.lk
SUMMARY:Diya Kapeema (Water-Cutting Ceremony of the Historic Esala Festival)
DESCRIPTION:The 211th Diya Kapeema Maha Mangalyaya (Water-cutting ceremony) of the Kadudevola Siddha Rankadu Paththini Devalaya was held on Sunday morning (13th) at the Kelani River. \nBefore the departure of the procession for the water-cutting ritual\, offerings were made at the temple\, including Buddha Pooja and ritual observances at the Paththini\, Vishnu\, and Rittha Devalayas. Amidst the rhythmic sounds of traditional Hevisi drumming\, the sacred procession bearing the divine ornaments ceremonially departed from the Devalaya for the Diya Kapeema ritual. \nAt an auspicious time\, the sacred Kap\, which had been planted within the temple premises at the commencement of the Esala Festival\, was wrapped in a white cloth and carried behind the palanquin bearing the sacred divine ornaments as the procession proceeded. \nFrom the Devalaya’s designated landing point\, the Chief Basnayake Nilame and accompanying officials boarded a ceremonial boat. A second boat carried the traditional Hevisi drummers who continued their ritual sound offerings as both boats proceeded along the Kelani River for the water-cutting ceremony (Diya Kapeema) \nThe Diya Kapeema ritual of the Kadudevola Siddha Rankadu Paththini Devalaya’s Diya Ranakeli Mangalyaya is conducted at the Bulathgampatha boundary of the Kelani River. The ritual is performed within a section of the boat enclosed by curtains. A golden sword—being one of the divine ornaments of Goddess Pattini carried in the procession\, is immersed in the river to symbolically “cut” the water. From the separated current created by this act\, fresh water is collected into a golden vessel. It is believed that the waters remain distinctly parted until the golden vessel is filled\, signifying divine grace and power. \nFollowing the cutting of the water\, traditional offerings such as betel leaves and coins are cast into the river in accordance with ancient customs. The sounding of the conch shell signals the completion of the ritual\, after which the boats return to the landing point. After performing the customary ritual offerings in keeping with tradition\, the Chief Basnayake Nilame disembarks at the landing place with his head covered in a white ceremonial cloth\, which is a distinctive feature of this observance. After special blessings are invoked and the Garayak dance ritual is performed\, the cloth covering his head is ceremonially removed. \nAt the location where the water-cutting concludes\, the Kap planted at the beginning of the Esala Festival is released into the river. The individual assigned this duty swims beneath the boat and releases the Kap into the flowing water. This act symbolises the removal of misfortune and the bringing of peace and well-being to all. \nThereafter\, the sacred ornaments and the golden vessel containing the blessed water are placed in a specially prepared pavilion. The Garayak Shanthikarma (ritual of blessing) is then performed in accordance with tradition. Following the offering of alms to all participants\, the Diya Kapa Gevadheema Perahera (Return Procession of the Water-Cutting Ceremony)\, bearing the golden vessel and divine ornaments\, proceeds back to the Devalaya. The sacred water collected during this ceremony is preserved and used in the following year’s traditional Oil Anointing Ceremony (Nanumura Mangalyaya). \nWith the completion of this Diya Kapeema Maha Mangalyaya (Water-Cutting Ceremony)\, the procession duties of the 211th Annual Esala Festival of the Kadudevola Siddha Rankadu Paththini Devalaya formally came to an end. \nMay the divine protection and blessings of the Goddess Sath Paththini be bestowed upon everyone\, especially all those who contributed to the success of this year’s Esala Festival\, granting health\, peace\, and well-being to all. \nMay the Triple Gem bless you!
URL:https://rankadupaththinidevalaya.lk/event/diya-kapeema-water-cutting-ceremony-of-the-historic-esala-festival/
CATEGORIES:Esala Perahera
ATTACH;FMTTYPE=image/jpeg:https://rankadupaththinidevalaya.lk/wp-content/uploads/2023/10/Untitled-design-2023-10-02T165928.336.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20230726T180000
DTEND;TZID=UTC:20230726T220000
DTSTAMP:20260423T122407
CREATED:20231001T124034Z
LAST-MODIFIED:20231001T124034Z
UID:25366-1690394400-1690408800@rankadupaththinidevalaya.lk
SUMMARY:පාවඩ පිට පෙරහැර
DESCRIPTION:ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන පෙරහැර මංගල්‍යයේ පළමු නිල පෙරහැරේ සමාරම්භය සනිටුහන් කරමින් ඊයේ (26) පස්වරු 09.05 ට යෙදුණු සුබ මොහොතින් පාවඩ පිට පෙරහැර දේවාලස්ථ වීථිය වටා වීථි සංචාරය කරන ලදී. \nමෙත්සිත් පෙරදැරි මාධ්‍ය මෙහෙවර\, \nකඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථ මාධ්‍ය ඒකකය
URL:https://rankadupaththinidevalaya.lk/event/%e0%b6%b4%e0%b7%8f%e0%b7%80%e0%b6%a9-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%84%e0%b7%90%e0%b6%bb/
CATEGORIES:Esala Perahera
ATTACH;FMTTYPE=image/jpeg:https://rankadupaththinidevalaya.lk/wp-content/uploads/2023/10/Untitled-design-2023-10-01T231010.487.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20230726T170600
DTEND;TZID=UTC:20230726T180600
DTSTAMP:20260423T122407
CREATED:20200428T075832Z
LAST-MODIFIED:20231001T111723Z
UID:1200-1690391160-1690394760@rankadupaththinidevalaya.lk
SUMMARY:දැකුම් තැබීම
DESCRIPTION:” දෙව් ඇරයුම් නැකතිනි සිඳු වන්නේ \nදැකුම් තබා තුටු පඬුරු පුදන්නේ “ \nචිරාගත සම්ප්‍රදායානුකූලව අද (26) සවස 6.15 ට යෙදුණු සුබ මොහොතින් ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිතිකොටගෙන චාරිත්‍රානුකූල දැකුම් තැබීමේ මංගල්‍යය හා ප්‍රථම දේවාරාධනාව ඓතිහාසික කඩුදෙවොල් පුදබිමේ දි සිදු කෙරිණි. \nමෙත්සිත් පෙරදැරි මාධ්‍ය මෙහෙවර\, \nකඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථ මාධ්‍ය ඒකකය.
URL:https://rankadupaththinidevalaya.lk/event/%e0%b6%af%e0%b7%90%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%ad%e0%b7%90%e0%b6%b6%e0%b7%93%e0%b6%b8/
CATEGORIES:Esala Perahera
ATTACH;FMTTYPE=image/jpeg:https://rankadupaththinidevalaya.lk/wp-content/uploads/2020/04/IMG_9906-scaled.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20230712T180000
DTEND;TZID=UTC:20230721T220000
DTSTAMP:20260423T122407
CREATED:20231001T132552Z
LAST-MODIFIED:20231001T132552Z
UID:25379-1689184800-1689976800@rankadupaththinidevalaya.lk
SUMMARY:රංදෝලි පෙරහැර
DESCRIPTION:කැළණි ගං මිටියාවතේ අතිඋත්කර්ෂවත් වූ මහා සංස්කෘතික මංගල්‍යය \, ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන ඇසළ මහා පෙරහැර මංගලෝත්සවයේ වීථි මහා පෙරහරෙහි අලි ඇතුන් සහිත අවසන් රන්දෝලි පෙරහැර (12) දේවාලස්ථ වීථිය වටා වීථි සංචාරය කරන ලදී. \nඊයේ දින පෙරහැර දායකත්වය ඒශියන් ලංකා මාකටින් අධිපති ඩව්ලිව්.කේ.සිසිර මැතිතුමා ඇතුළු පවුලේ සැම විසින් දරනු ලැබීය. \nසධාතුක කරඩුව වැඩම කරලීමේ පින්බර අවස්ථාව දේවාලස්ථ මංගල හස්තිරාජයා වන තාරක රංඩුක හස්තියාට හිමි වූ අතර විෂ්ණු දෙවියන්ගේ දේවාභරණ හැඳල පුරාණ විහාරයට අයත් අරුණ හස්තියාගේ පිටමත නිලන්ත ජයදින මහතා විසින් ද පත්තිනි මෑණියන්ගේ දේවාභරණ කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානයට අයත් කණ්ඩුල වීරා හස්තියාගෙ පිටමත දේවාලස්ථ කෘත්‍යාධිකාරි ශමාල් විජේතුංග මැතිතුමන් විසින් ද වඩමවනු ලැබීය. \nඋඩපහතරට හා විචිත්‍රවත් නර්තනාංගයන්ගෙන් පරිපූර්ණ වූ පෙරහැරට බියගම දීප්ති කුමාර මහතාට අයත් රාණි ඇතින්නත් \, සුරණි ඇතින්නි පැටවාත් එක්විය. \nදේවාලස්ථ ප්‍රධාන බස්නායක නිළමේතුමන් වන කුලරත්ත විජේතුංග මහතාගේත් දේවාලස්ථ කෘත්‍යාධිකාරි ශමාල් විජේතුංග මහතාගේත් මඟපෙන්වීම මත සිදු කෙරෙන මෙවර ඇසළ මංගල්‍යය ලබන අගෝස්තු මස 21 වන දින දක්වා පැවැත්වේ. \nමෙත් සිත් පෙරදැරි මාධ්‍ය සද්ප්‍රයාමය\, \nකඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථ මාධ්‍ය ඒකකය.
URL:https://rankadupaththinidevalaya.lk/event/%e0%b6%bb%e0%b6%82%e0%b6%af%e0%b7%9d%e0%b6%bd%e0%b7%92-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%84%e0%b7%90%e0%b6%bb/
CATEGORIES:Esala Perahera
ATTACH;FMTTYPE=image/jpeg:https://rankadupaththinidevalaya.lk/wp-content/uploads/2023/10/IMG_3925-scaled.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20230707T080000
DTEND;TZID=UTC:20230721T170000
DTSTAMP:20260423T122407
CREATED:20231001T130357Z
LAST-MODIFIED:20231001T130726Z
UID:25376-1688716800-1689958800@rankadupaththinidevalaya.lk
SUMMARY:ගොන්පිට පෙරහැර
DESCRIPTION:කැළණි ගං මිටියාවතේ අතිඋත්කර්ෂවත් වූ මහා සංස්කෘතික මංගල්‍යය ලෙසින් සැළකෙන ඓතිහාසික සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථ ඇසළ මහා පෙරහැර මංගලෝත්සවයේ 211 වන දිගහැරුම සනිටුහන් වන මෙවර පෙරහැර මංගල්‍යයේ උඩමළුවේ තෙවන ගොන්පිට පෙරහැර අද (07) දින වීථි සංචාරය කරන්නට විය. \nඅද (07) දින පෙරහැර දායකත්වය වෙළඳ ව්‍යාපාරික ගැමුණුපුර පදිංචි ඩබ්ලිව්.තිලක් පුෂ්පකුමාර පෙරේරා මැතිතුමා ඇතුළු පවුලේ සැම විසින් දරනු ලැබීය. \nසධාතුක කරඩුව හා දේවාභරණ ගවමස්තකාරූඪව වැඩම කෙරුණු අතර විචිත්‍ර නර්තනාංගයන්ගෙන්ද පෙරහැර අලංකාරවත් විය. \nදේවාලස්ථ ප්‍රධාන බස්නායක නිළමේතුමන් වන කුලරත්ත විජේතුංග මහතාගේත් දේවාලස්ථ කෘත්‍යාධිකාරි ශමාල් විජේතුංග මහතාගේත් මඟපෙන්වීම මත සිදු කෙරෙන මෙවර ඇසළ මංගල්‍යය ලබන අගෝස්තු මස 21 වන දින දක්වා පැවැත්වේ. \nමෙත්සිත් පෙරදැරි මාධ්‍ය සද්ප්‍රයාමය\, \nකඩුදෙවොල රංකඩු පත්තිනි දේවාලස්ථ මාධ්‍ය ඒකකය.
URL:https://rankadupaththinidevalaya.lk/event/%e0%b6%9c%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b4%e0%b7%92%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%84%e0%b7%90%e0%b6%bb/
CATEGORIES:Esala Perahera
ATTACH;FMTTYPE=image/jpeg:https://rankadupaththinidevalaya.lk/wp-content/uploads/2023/10/IMG_2863-scaled.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20230705T170600
DTEND;TZID=UTC:20230705T180600
DTSTAMP:20260423T122407
CREATED:20231001T112920Z
LAST-MODIFIED:20231001T113031Z
UID:25356-1688576760-1688580360@rankadupaththinidevalaya.lk
SUMMARY:කප් සිටුවීම
DESCRIPTION:ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් නුවර සම්ප්‍රදායානුකූලව මඟුල් කප් සිටුවීම අද සවස 05.06 ට යෙඳුණු නැකැත් වෙලාවෙන් සිදු කරන්නට යෙදුණි. \nදේවාලස්ථ ප්‍රධාන භාරකාර තැන්පත් කුලරත්න විජේතුංග මැතිතුමන්ගේ හා කෘත්‍යාධිකාරි ශමාල් විජේතුංග මැතිතුමන්ගේ මූලිකත්වයෙන් දේවාලස්ථ පූජෝපහාර සමිතියේ නිළධාරි මඩුල්ලගේත් ගම්වාසීන්ගේත් සහභාගිත්වයෙන් කප් සිටුවීමේ චාරිත්‍රය පුරාණ සිරිත් පරිඳි ඉටු කෙරුණු වගයි. \n” වියන් අල්ලා ගෙන වසාලා ගෙනත් කප මඩුව මැදේ… \nලවින් කිරි පැන් නානුමුර කර සඳුන් ගාවා නිමරැදේ… \nවසින් රුව ඇති පතිනි ඒ කප හිස තබාගෙන සබ මැදේ… \nඅසන් තුන් විට ආවඩාලා ගසා දොස හැර සුබ පදේ… “ \nතෙරුවන් සරණයි! \nසත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි! \nමාධ්‍ය අංශය\, \nකඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලය.
URL:https://rankadupaththinidevalaya.lk/event/%e0%b6%9a%e0%b6%b4%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b7%93%e0%b6%b8/
CATEGORIES:Esala Perahera
ATTACH;FMTTYPE=image/jpeg:https://rankadupaththinidevalaya.lk/wp-content/uploads/2020/04/IMG_0089-1-scaled.jpg
END:VEVENT
END:VCALENDAR