• රංදෝලි පෙරහැර

    කැළණි ගං මිටියාවතේ අතිඋත්කර්ෂවත් වූ මහා සංස්කෘතික මංගල්‍යය , ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන ඇසළ මහා පෙරහැර මංගලෝත්සවයේ වීථි මහා පෙරහරෙහි අලි ඇතුන් සහිත අවසන් රන්දෝලි පෙරහැර (12) දේවාලස්ථ වීථිය වටා වීථි සංචාරය කරන ලදී.

  • Diya Kapeema (Water-Cutting Ceremony of the Historic Esala Festival)

    ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ 211 වන ඇසළ මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය පසුගිය ඉරුදින(13) පෙරවරුවේ කැළණි නදියේ දි සිදු කෙරිණි.
    මෙසේ දිය කැපීමෙ චාරිත්‍රය උදෙසා පෙරහැර පිටත්ව යාමට පෙර විහාරයට ගොස් බුද්ධ පූජාව හා පත්තිනි , විෂ්‍ණු හා රිට්ටා දේවාල වලට ගමන් තේවා සිදු කරයි.