Skip to content Skip to sidebar Skip to footer

මතු බුදුවන නාථ දෙවියන්

සිරි පෑ හිරු තරිඳු
තෙද යස දියත පරසිඳු
මතු වන බුදු රදු
සැරද තොටගමු වෙහෙර නතිඳු

යනුවෙන් කාව්‍යශේඛරයේ එන 63 වන පද්‍යයෙන් මෙන්ම ගිරා සංදේශයේ එන 230 වන පද්‍යයෙන් ,

මහත සසර සයුරෙහි කුමුටුව සරන
අනත සත නිවන් පුරගෙන යන සිතින
සතත සොඳුරු බුදුකුරු ගුණදම් පුරන
දියත පසිඳු නතිදුන් දැකගොස් සොබන

නාථ දෙවියන් යනු බුද්ධාංකුර ගුණදම් පූරණය කරනු ලබන බෝධිසත්වයකු බවත් මතු බුදුවන අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ලෙසත් පැහැදිලිව දක්වා තිබේ.

නාථ දෙවියන් වෙනුවෙන් ඉදිව ඇති ප්‍රධාන දේවාලයන් අතර වේගිරිය , පස්ගම , හුනාපහුර , උරුලෑවත්ත ,දොඩම්වල ආදි ප්‍රදේශවල පිහිටි පිටිසර දේවාලත් සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ පිහිටා ඇති ශ්‍රී මහා නාථ දේවාලයත් තෙල්වත්ත තොටගමු රන්පත් රාජමහා විහාරයේ පිහිටා ඇති නාථ දේවාලයත් ප්‍රමුඛත්වයක් ගනී.
නාථ දෙවියන් හා සිංහල රාජත්වය අතර විශේෂ සබඳතාවක් මහනුවර රාජධානි සමයේ දි දක්නට ලැබේ. රාජාභිෂේකයේ දී ඔහුට අයත් වන රාජ නාමය දෛවඥයන් විසින් රන්පත්හි ලියා නාථ දේවාලයේ තැන්පත් කරන ලද නාම අතුරෙන් තෝරා ගැනීම එකල සම්ප්‍රදාය විය. විශේෂයෙන්ම රජෙකු රාජ්‍යත්වයට පත්වෙන කල්හි නාථ දෙවියන් ඉදිරියේ ප්‍රතිඥා දෙන අතර නාථ දෙවියන්ගේ දේවාභරණ වලට සමාන ඇඳුම් පැළඳුම් කට්ටලයකින් රජතුමා සැරසී සිටීම සුවිශේෂී වේ.

පහළොස්වන සියවස පමණ වන විට නාථ දේව වන්දනාව ලක්දිව ඉතා ප්‍රචලිතව පැවති අතර මෙම දෙවියන්ගේ සුවිශේෂත්වය නම් අනෙක් දෙවිවරුන්ට මෙන් පුරාවෘත දක්නට නොලැබීමයි. මෙකී කරුණු නිසාම නාථ දෙවියන් කෙරෙහි ඉමහත් ගෞරවාදරයක් බැතිමත්හු තුළ පවතී

අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමා දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් හමුව තිබේ. වැල්ලවායට නුදුරු බුදුරුවගල පිහිටි බුද්ධ ප්‍රතිමාව මැදිකොට දෙපසින් බෝධිසත්ව පිළිම දෙකක් වන අතර ඉන් එකක් අවලෝකිතේශ්වර බව පිළිගෙන ඇති අතර ඒ සමඟ බෝධිසත්වයන්ගේ බිසව වන තාරා දෙවඟනගේ රුවත් බෝසත් පුත් සුධන කුමරුවන්ගේ රුවත් වේ. සෙනරත් පරණවිතාන මහතා පවසන පරිදි වැලිගම අසල කුෂ්ටරාජගල ‍යනුවෙන් හදුන්වනු ලබන සෙල්මුවා පිළිමයත් අවලෝකිතේශ්වරයන්ගෙ වේ. එසේම උඩුනුවර වේගිරිය දේවාලයේ ද නාථ දෙවිඳුන්ගේ හා තාරා බිසවගේ පෞරාණික පිළිම දක්නට ලැබේ. දඹදෙණි විජයබා රජු විසින් කරවන ලදැයි සැළකෙන තොටගමුවේ රජමහා විහාරයත් එහි වන නාථ දේවාලයත් කෝට්ටේ යුගයේ දි ඉතා උසස් තත්ත්වයෙන් පැවති බව තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් පරෙවි සංදේශයේ හා ගිරා සංදේශයේ සඳහන් කර ඇති අතර ගිරා සංදේශය සයවන පරාක්‍රමබාහු රජතුමා හා රාජ්‍යය ආරක්ෂා කරදෙන ලෙස නාථ දෙව්ඳුන් යදින මෙන් රාහුල හිමියනට සැලකරනු පිණිස යැවීමෙන් ශ්‍රී රාහුල හිමියන් තුළ නාථ දෙවියන් කෙරෙහි වූ සුවිශේෂී භක්තිය පිළිඹිබු වේ.

” නාථ ශ්‍රී සර්ව මංගල්‍යං

යථා දේවේන සංයුතං

සුගන්ධ දීප ධූපේන

නාථ ස්වාමී නමෝවරම් “

” ඕං හාං හ්‍රීං හූං ශ්‍රී නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වරුණ දිග දේශයෙන් ඉදං මංගලම් 

ග්‍රහන ග්‍රහන නිෂ්ටධාර ධාර ජාලයන් තෝස්වාහං “

ඒ අනුව නාථ දිව්‍යරාජයාණන් වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන දේව කන්නලව්ව මෙසේ ය.

” කේතුමතී නම් රාජධානියේ සංඛ නම් චක්‍රවර්තී රාජයාණන්ගේ අග්‍ර පුරෝහිත බ්‍රාහ්මණ උතුමාට අතිජාත පුත්‍රව අජිත කුමාර නමින් ප්‍රකටව අසූඅටරියන් උසින් යුක්තව ගිහි සැප හැරදමාගොස් නාග ශ්‍රී බෝධියට පිට දී මතු මෛත්‍රී නමින් බුද්ධත්වයට පැමිණ අනේක ලෝක සත්ත්වයන් දුකින් මුදා නිවන් සැප අත්කරදෙනු වස් දසපාරමී ධර්මයන් පුරා තාවතිංස දිව්‍ය ලෝකයේ වැඩ වසන උතුම් වූ වර්ණ බ්‍රාජිත ශෝභන දේහධාරී බුද්ධාංකුර අනාථ නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා වදිමි. මතු බුදු පදවියට පත්වන්නා වූ අනාථ නාථ ශ්‍රීමත් නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස මෙත්තා , මුදිතා , කරුණා. උපේක්ෂා යන සතර බ්‍රහ්ම විවරණයෙන් ශීල. සමාධියෙන් යුතුව තුසිත පුර වැඩ වෙසෙමින් මතු මෛත්‍රී නමින් බුද්ධත්වයට පැමිණ අනේක ලෝක සත්ත්වයන්ට දුකින් මිදී නිවන් මඟ පසක් කර දෙනු පිණිස දස පාරමී , දස උපපරමී , දස පරමත්ත පාරමී ධර්මයන් පුරන්නාවූ ද අති ශෝභමාන දිව්‍යශ්‍රීය ප්‍රකට කරමින් මේ තුන්ලොව වැඩ සකල සත්ත්වයන්ගේ දුක්ඛාන්ධකාරයන් දිව නෙතින් බලා දුරුකර වන්නාවූද උතුම් වූ බුද්ධාංකුර නාථ දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස…………

බැතිමතුන්ගේ නිබඳ වන්දනයට පාත්‍ර වන මතු බුදු වන නාථ දිව්‍ය රාජයාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ඔබ සැමට නිරතුරුවම පිහිට වේවා! ආශිර්වාදයක්ම වේවා!

සටහන – උමේෂ් මේනුක

ඔබ සැමට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි!

තෙරුවන් සරණයි !

මාධ්‍ය අංශය,
කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලය.
කඩුවෙල.

Umesh
Content Writer

ලක්දිව නාථ දේව සංකල්පය හෙළ බොදු සංස්කෘතියෙහි සුවිශේෂී තැනක් හිමි කරගනී. ඓතිහාසික මහනුවර පුරවරයේ පිහිටි සිවුමහා දේවාලයන් අතුරෙන් ප්‍රමුඛස්ථානය හිමි කරගන්නෙද ශ්‍රී මහා නාථ දේවාලය යි. මතු බුදුවන අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ලෙස සැළකෙන නාථ දෙවියන් තුසිත දෙව්ලොව වැඩ වාසය කරන අතර මතු කේතුමතී නුවර උපදින බවත් විටින් විට මනුලොව ඉපිද පෙරුම්දම් පුරන බවත් ජන විශ්වාසයයි.

2 Comments

Leave a comment