Skip to content Skip to footer

Rankadu Tharaka

About Tharaka

lvqqfofjdf,a ux., yia;s rdchd

කඩුවෙල පුරවරයේ මනරම් කඳුගැටයක් මත කැළණි නදියට මුහුණලා ඇති ඓතිහාසික වටිනාකමින් අනූන පූජනීය ස්ථානයක් ලෙස ප්‍රකට පත්තිනි මෑණියන්ගේ අඩවියෙහි මංගල හස්ති ‍රාජයා වීමේ භාග්‍යය තාරක හස්තියාට හිමි වෙනවා.

තාරකගෙ ඉතිහාසයේ වතගොත පිළිබදව සොයා බැලීමේ දී වාර්තා වන කරුණු අනුව පෙනීයන්නේ 90 දශකයේ මුල් භාගයේ දි පුත්තලම අටේ කණුව නම් ප්‍රදේශයේ කැලයක අතරමංව සිටිය දී සොයා ගත් බවයි.

එසේ පුත්තලම කැලයක අතරමංව සිටිය දී අල්ලාගත් තාරක ඉන්පසුව පින්නවල අලි අනාථාගාරය භාරයේ කල් ගෙවන්නට විය.

අනතුරුව කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ ප්‍රධාන භාරකාර කපු මහතා වූ කුලරත්ත විජේතුංග මහතාගේ ඉල්ලීම මත එවකට මානව සම්පත් සංවර්ධන , අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය කරුණාසේන කොඩිතුවක්කු මහතාගේ මැදිහත් වීම මත 2003 වසරේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කල රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියෙන් 2003 මාර්තු මස 05 වෙනි දින තාරක හස්තියා දේවාලස්ථානය වෙත පූජා කෙරුණි.

එදා සිට අද දක්වාම මේ කඩවසම් හස්ති රාජයා කුලරත්ත විජේතුංග මහතා භාරයේ බොහොම සැප සේ කල් ගෙවනවා.

වර්තමානයේ ශ්‍රි ලංකාව තුළ සිටින හීලෑ ඇත් පරපුරේ හැඩි දැඩිම හස්තියෙක් ලෙස උසින් වැඩිම හස්තීන් අතර ප්‍රමුඛත්වයක් උසුලන තාරක මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේත් , කෝට්ටේ රජමහා විහාරයේත් , බෙල්ලන්විල ‍රාජමහා විහාරය , සංඛපිට්ඨි පුරාණ විහාරය , කබුලුමුල්ල පත්තිනි දේවාලය ඇතුළු ලක්දිව ප්‍රමුඛතම පෙරහැර මංගල්‍යයවල් වලට සම්බන්ධ වන තාරක හස්තියා 2018 වර්ෂයේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයයේ කුඹල් පෙරහැරක හා රන්දෝලි පෙරහැරවල් තුනක දී කතරගම දේවාභරණ වඩමවමින් හා 2020 වර්ශයේ දී දෑල හස්තියෙකු වශයෙන් ගාම්භීර රාජකාරියක නිරත විය.

වසරේ නොවැම්බර් හා අප්‍රේල් යන කාලවකවානුව තුල වාර්ෂික මද සමය ගත කරන තාරක හස්තියා මෙරට පෙරහැර සංස්කෘතියට නැතුවම බැරි වස්තුවකි.

අපි කවුරුත් දන්නා හදුනන නාමය තාරක වුවත් තාරක රංඩුක යන්න මොහුගේ සම්පූර්ණ නාමයයි. ඇළ දොළෙහි කෙලිලොලින් ගල් ගෙවමින් දම්වැල් ද රහිතව බොහෝ විට සිය පන්තිය තුළත් වත්ත තුළත් නිදහසේ කල් ගෙවීමත් විජේතුංග මැතිතුමන් වැනි ආදරණීය හාම්පුතෙකු ලැබීමත් තාරකගේ පෙර පුණ්‍ය මහිමයක් කිව්වොත් මා නිවැරැදියි.

තවමත් නාඹර තරුණ වියෙහි පසුවන මේ කෙළිලොල් දඟකාර හස්ති කුමරා මෙරට හීලෑ අලිඇත් පරපුරේ අඟනා අනාගත ආයෝජනයක් ලෙස ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථ මංගල හස්තිරාජයා වශයෙන් කුලරත්ත විජේතුංග මහතා ඇතුළු පවුලේ අයගේත් ගම්වැසියන්ගේත් නොමද ආදරය ලබමින් නිදහසේ කල් ගෙවයි

උතුම් ශ්‍රී දළදා වහන්සේගේත් සත්පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේගේත් පිහිට ආරක්ෂාව නිබඳවම ඔබට ලැබේවායි යන්න අපේ ප්‍රාර්ථනයයි….

Umesh
Content Writer
8080
Age
80ft
Height
808080 +
Attended processions
8080
Served Years
Tharaka

lvqqfofjdf,a
ioaoka;dNsudkh

For Inquiries

හස්තිරාජයා පෙරහැර සඳහා සම්බන්ධ කරගැනීමට විමසන්න.