Skip to content Skip to sidebar Skip to footer

වාහල දෙවියන්

අට වාසලකට අධිපති වන්නා වූ දෙවියන් වහන්සේ නමක් වශයෙන් හැදින්වෙන වාහල දෙවියන් ගම්මඩු ශාන්ති කර්මයේ එන කාලපන්දම් පූජාවේ දී වන්දනයට පාත්‍ර වන විෂ්ණු සමන් , කන්දකුමාර , නාථ , විභීෂණ , දැඩිමුණ්ඩ , සත්පත්තිනි හා දෙවොල් යාගයේ දේව සමාගමේ පූජා ලබන්නා ලෙස ද සැලකේ.

දෙවොල් වාහල , ඇවොල් වාහල , අඳුන් වාහල , සඳුන් වාහල , කාම වාහල , පංච කාම වාහල ලෙසින් හැදින්වෙන වාසල අට ඇතැම් තැන් වල වාසල නවයක් ලෙසද සඳහන් වේ.

” වදුරු උවදුරු හරිනට මෙ වැනි ගම්මඩුවක් කරව මින්නේ

රුදුරු වසවත් සමඟ දස බිම්බරක් බිඳ හැරි විලසි නේ

කඳුරු ගොඩ දේවාලයේ පුද පඬුරු ලත් අනුහසින් නේ

ඉඳුරු දින බැද සිද්ද වාහල මෙරඟට වැඩම වන් නේ “

කාල පන්දම් පූජාවේ එන කවි දහයක් අතුරින් වාහල දෙවියන් හැදින්වෙන පළමු කවිය මෙසේ දක්වා ඇත. 

තිස්ස කාරියවසම් මහතා පවසන පරිදි පත්තිනි දේවිය වෙනුවෙන් පවත්වනු ලබන ගම්මඩු ශාන්තිකර්මය පත්තිනි දේවියත් , දොවොල් දෙවියන් හා වාහල දෙවියන් වෙනුවෙනුත් සිදු කෙරෙතැයි දැක්වීම වඩා උචිත වේ. 

එසේම වාහල යන නාමය අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන් හැදින්වීමේ දී ද යොදා ගැනෙන අතර මෙහි අර්ථය ලෙස මුලින් දෙවුන්දර තිබූ උපුල්වන් දේවාලය සතර කෝරළයේ දෙවි කෙනෙකුව සිටි දැඩිමුණ්ඩ හෙවත් දේවතා බණ්ඩාර යථොක්ත ප්‍රධාන දෙවියන්ගේ අතවැසියකු ලෙස වාහල ආරක්ෂක තත්ත්වයට පත් වීම හදුන්වා දිය හැක. 

පූනාමඩුව නම් ශාන්ති කර්මයෙහි ” වාහල ” ලෙසින් හැඳින්වෙන්නේ ද අලුත්නුවර දෙවියන් බව පැහැදිලි ය.

මෙසේ ජනීජනයාගෙ පුද සත්කාර වලට පත්වන්නා වූ සිද්ධ වාහල බණ්ඩාර දිව්‍ය ‍රාජෝත්තමයාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ඔබ සැමට නිරතුරුව පිහිටට පැමිණෙත්වා.

සටහන – උමේෂ් මේනුක

ඔබ සැමට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි!

තෙරුවන් සරණයි!

මාධ්‍ය අංශය,

කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලය.

කඩුවෙල.

 

Umesh
Content Writer

Leave a comment