lvqqfofjdf,ys ft;sydisl miqnsu
කඩුවෙල නගර මධ්‍යයේ සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන මාර්ගයේ කැළණි නදියට මුහුණලා මනරම් කදු ගැටයක් මත දක්නට ලැබෙන සිද්ධ රංකඩු පත්තිනි දේවාලය හෙවත් කඩුදෙවොල නොතිබෙන්නට කඩුවෙල නම් නගරයක් නිර්මාණය වන්නේ ද නැත. “විවරණ සහිත නම් පොතට” අනුව ව්‍යවහාරයෙන් කඩුවෙල ලෙස භාවිතා වනුයේ කඩුදෙවොල පත්තිනි දේවාලය නිසාමය. එසේම දෙවොලක් නමින් හදුන්වන නගරයක් වේ නම් ඒ කඩුවෙල යි. ඇතැමුන් මෙය සීතාවක යුගයටත් මහනුවර යුගයටත් අයත් බව පැවසුවත් කඩුදෙවොලෙහි ආරම්භය ඉන් ඔබ්බට දිවෙන බවට ඓතිහාසික සාධක සාක්ෂි සපයයි.
පත්තිනි දෙවියන් පිළිබද ඇදහීම මෙරට ස්ථාපිත වන්නේ සයවන පරාක්‍රමබාහු රාජ සමයේ දී ය. ඒ බව දේවාල නීතිය , දේවාල උපත වැනි පුස්කොළ ග්රන්ථයන් හා කෝකිල සංදේශය පිළිබද අධ්‍යනයේ දී වඩාත් තහවුරු වේ. සයවන පරාක්‍රමබාහු රාජ සමය තුළ විහාර අස්නට ඇතුළත් වන කඩුදෙවොල නැවත වරක් කරළියට පැමිණෙන්නේ සීතාවක යුගයේ දී ය. ඒ සීතාවක රාජසිංහ රජුගේ බලකොටුවක් ලෙස කඩුදෙවොල භාවිතා වීමෙනි. සීතාවක රාජ්‍යය ක්‍රි.ව. 1592 දී බිදවැටීමත් සමග ක්‍රි.ව. 1632 දී කඩුදෙවොල සිංහලයන්ට අහිමි වූ අතර නැවතත් දෙවොල පිළිබද ලිඛිත ඉතිහාසයක් මතුවන්නේ ක්‍රි.ව. 1800 දී ඉංග්‍රීසීන්ගේ 19 වන හමුදා සේනාංකය භාරව සිටි කපිතාන් රොබට් පර්සිවාල්ගේ වාර්තාවෙනි. ක්‍රි.ව. 1797 දී ලන්දේසින්ට එරෙහිව පැවති කැරැල්ල මැඩ පැවැත්වීමට මහනුවර බලා ගමන් ගත් තම සේනාංකයට කඩුදෙවොල පසුකර යාමේදී එහි සැගව සිටි සිංහලයන් පහර දුන් බවට එහි සදහන් වේ.
ඉන් අනතුරුව කඩුදෙවොල නැවත ඇරඹෙන්නේ ක්‍රි.ව.1812 දි පමණ ය. ඒ මහනුවර යුගයේ අග භාගයේ දී ය. ඒ බව සනාථ කිරීමට ජනප්‍රවාද රැසක් ඉතිහාසයේ එයි. තවද වසර 211 ක් පුරාවට පවත්වාගෙන එන ඇසළ පෙරහැර මංගල්‍යයයෙන් ද එය වඩ වඩාත් තහවුරු කරයි.
පත්තිනි දෙවගන වෙනුවෙන්ම කැප වූ මැණික් බණ්ඩාර දෙවියන් උප ගණයේ දෙවියෙක් වශයෙන් ආරක්ෂා කරන්නා වූ මේ කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලය සියවස් පහක් ඉක්මවාලන (වසර 550) ඓතිහාසික වටිනාකමකින් හෙබි දෙවොලක් බවත් පත්තිනි දෙවියන්ගේ දේව ආභරණ , සළඹ හා වාර්ෂිකව දිය කැපීමට ගන්නා රන් කඩුව ද තැන්පත් කර ඇති මහානුභාව සම්පන්න හාස්කමෙන් පරිපූර්ණ වූ පුණ්‍ය භූමියක් බවත් කිව යුතුමය. ඉතින් මේ කඩුදෙවොලේ ආනුභාවයෙන් උතුම් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ලොව පුරා පවතින රෝග වසංගත තත්ත්වයන් දුරුව රටට යහපතක්ම උදා වේවා!!
ඔබට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි!!
තෙරුවන් සරණයි !!
සටහන – උමේෂ් මේනුක
මාධ්‍ය අංශය,
කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලය. කඩුවෙල.
Umesh
Content WriterWhat people say
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco.
Sunton Pu
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto betae.
Somdezh To
Nemo enim ipsam voluptatem quia voluptas sit aspernatur aut odit aut fugit, sed quia consequuntur magni dolores eos qui ratione voluptatem sequi nesciunt. In voluptate velit esse cillum dolore.