• ගොන්පිට පෙරහැර

    කැළණි ගං මිටියාවතේ අතිඋත්කර්ෂවත් වූ මහා සංස්කෘතික මංගල්‍යය ලෙසින් සැළකෙන ඓතිහාසික සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථ ඇසළ මහා පෙරහැර මංගලෝත්සවයේ 211 වන දිගහැරුම සනිටුහන් වන මෙවර පෙරහැර මංගල්‍යයේ උඩමළුවේ තෙවන ගොන්පිට පෙරහැර අද (07) දින වීථි සංචාරය කරන්නට විය.

  • රංදෝලි පෙරහැර

    කැළණි ගං මිටියාවතේ අතිඋත්කර්ෂවත් වූ මහා සංස්කෘතික මංගල්‍යය , ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන ඇසළ මහා පෙරහැර මංගලෝත්සවයේ වීථි මහා පෙරහරෙහි අලි ඇතුන් සහිත අවසන් රන්දෝලි පෙරහැර (12) දේවාලස්ථ වීථිය වටා වීථි සංචාරය කරන ලදී.

  • දැකුම් තැබීම

    චිරාගත සම්ප්‍රදායානුකූලව අද (26) සවස 6.15 ට යෙදුණු සුබ මොහොතින් ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිතිකොටගෙන චාරිත්‍රානුකූල දැකුම් තැබීමේ මංගල්‍යය හා ප්‍රථම දේවාරාධනාව ඓතිහාසික කඩුදෙවොල් පුදබිමේ දි සිදු කෙරිණි.